À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්එක්වැනි කොටහා

A+ A-

” තූති අප්පත්ති……… තූති අප්… “

වීරන්කෙඩුව වලව්වේ ලොකු මැණිකෙගේ මිනී පෙට්ටිය ඉස්සරහින් මයෙ හාමු මහත්තයයි ලොකු බේබියි අල්ලගෙන ඉස්සර වෙද්දී මායි දෙනුවනුයි ඒ දෙන්නගේ පිටිපස්සෙන් පෙට්ටිය අල්ලගෙන ඉස්සරහට ගියා. තාම වලව්වේ කඩුල්ලවත් අපි ඉස්සර කරේ නැහැ. ගමේ කට්ටිය හෝ ගාලා පිරිලා හිටියා. එක පාරටම මයෙ පැටියා හයියෙන් කෑ ගහද්දි හාමුයි මායි දෙන්නම බැලුවේ ලොකු හාමුගේ අතේ එල්ලිලා ඉන්න පැටියා දිහා. දෙවැනි පාරටත් පැටියා මට කතා කරන්න යද්දි එතැන්න දුවගෙන ආවේ රාහුල්. දිනුල මහත්තයත් අපිට පිටිපස්සෙන් ලොකු මැණිකෙගෙ පෙට්ටිය උස්සනවා. අද මුළු වලව්වම සුදු ඇදුමින් සැරසුණු මිනිස්සුන්ගෙන් පිරිලා. කඩුල්ල පහුවුණත් හරි පෙට්ටියෙන් ආපු බර අපෙ උරහිස් වලට මහ ගොඩක් දැනෙද්දී මන් අත් දෙකෙන්ම තදේට පෙට්ටිය අල්ල ගත්තා

” කෝ දැන් දාන්න පරිස්සමට. ආ හරි හරි “

කට්ටිය එක්කහු වෙලා සොහොනේ වලට පෙට්ටිය දාද්දි මන් පොඩි දෙන්නත් අතින් අල්ලන් ටිකක් එහාට්ට වෙන්න හිටියා. මයෙ දකුණු අතේ නුරාද එල්ලිලා ඉද්දි අනිත් අතේ රාහුල් නහය අස්සට ඇගිල්ල දාලා ලොකු වැඩක් කර කරම ඉස්සරහ වෙන දේවල් බලන් ඉන්නවා.

” රාහුල් දැන් ඇති නහය අස්සට ඇගිල්ල දාන් හිටියා “

” හලි හලි අලේ. සොතු කාල්ලක් තිබ්බා “

” තුති අප්පත්ති වදා. මදෙ කකුල් සිදෙනවා “

කොල්ලා ඇඹරි ඇඹරි මට කියද්දී එහා පැත්තේ හිටපු රාහුල් ආවේ පැටිය ළගට.

” කෝ එන්ත මන් ඔලාව වදා ගන්ත. තුති අප්පත්ති ඕන්නෑ අලේ “

” දෙන්නම මෙහෙට්ට ඇවිල්ලා මෙතැනින් ඉද ගන්න. මයෙ කකුලුත් රිදෙනවා පැටියෝ “

ඇත්ත ඉතින්. වලව්වේ ඉදලම සොහොනට වෙනකම් පෙට්ටිය උස්සන් ආවේ පයින්ම තමයි. මන් පැටව් දෙන්නම ඒ හරියෙ වෙන්න තිබ්බ ගලක් උඩින් වාඩි කරවලා කමිසේ බොත්තම් දෙක තුනක්ම ගැලෙව්වා. බැනියමක් ඇදන් ආවේ අපරාදේ කියලා හිතෙනවා ඇගෙන් වතුර වගේ දාඩිය ගලද්දී. කොහෙද ඉතින් මයෙ හාමු මහත්තයා හින්දා බෑ නෙ

” රාහුල් එන්න යමු. “

” මන් නුලාද එත්ත එන්තම් අප්පත්ති “

දිනුල මහත්තයා රාහුල්වත් එක්ක යන්න හදද්දී රාහුල් මයෙ අතේම එල්ලීගෙන නුරාද එක්ක එන්නම් කිව්ව. අපි ටික ආයේ පයින්ම වලව්වට ඇවිල්ලා එළියේ තැන් තැන් වල තිබ්බ පුටු වලින් ඉදගෙන ඉද්දි අපි ටිකට තේ අල්ලන්න ආවේ නිර්මාලුයි දෙව්මියි.
ලොකු මැණිකෙගේ මරණේ නිසා සෑහෙන්න දුක්‌ වුණේ ලොකු හාමු. ලොකු හාමු ඇරෙන්න වෙන කිසිම කෙනෙක් මහ ලොකුවට දුකක් නොවිච්ව තරම්. ලොකු මැණිකෙගේ පවුලෙ ඈයොත් ඇවිල්ලා ඉන්නෙ.

” තව ටිකක් වක් කරන්නද ඔය ටික බීලා මොනා කරන්නද ඈ “

” අම්මේ ඇති ඇති. චූටි අයියා බිව්වද තේ එකක් හරි “

” දෙව්මි බේබියි මායි කලින්ම කිරි එකක් බිව්වා. දැන් ආයේ මට බොන්න බෑ තේ “

අපි ටික එන්න කලින් වලව්වේ හිටපු මෙයාලා ඔක්කොමලාම හොදට සප්පායම් වෙලා වගේ. නිර්මාල් තේ ටික වක් කරගෙනම ඇවිල්ලා අපි ඉදන් ඉන්න තැනම ඉදගෙන ඉන්න දෙනුවන් ළග වාඩි වුණා. ඒ දෙන්නා දිහා අතුත් බැදගෙන බලාන් ඉද්දි මන් ඈතින් දැක්කේ අල්ලන සෙල්ලම් කරන පැටව් දෙන්නම. මයෙ හාමු මහත්තයා කොහෙද දන්නෑ. ලොකු බේබී පේන්න ඇත්තෙත් නෑ.

” අයියේ ඔයා වැඩක් නැත්තම් එනවද පොඩ්ඩක්. උණු වතුර එක අරන් දෙනවකො හලෝ “

” යන් බලන්න “

” කොහෙද ඔය යන්නෙ මාවත් එක්කර ගෙන බේබී “

එයා යන්නෙ කුස්සියේ පැත්තට වෙනුවට වෙන පැත්තකට වෙද්දී මන් හෙමීට එහෙම ඇහැව්වා.

” කටපියන් එන්නකෝ අප්පා. ඔන්න ඔය කාමරේට යන්න. ඔයාව හම්බෙන්න කෙනෙක් ඉන්නවා “

දෙව්මි මාව කාමරේ ඉස්සරහට දාලා එයා ගියා අනිත් පැත්තට. මොනාද මන්දා මේ කෙල්ල කරන විකාර වැඩ. කෝකටත් කියලා මන් දොරට තට්ටු කරා. පලවෙනි දෙවෙනි වතාවට තට්ටු කරත් දොර අරුන්නැති නිසාම ආයේ ආයේ දොරට තට්ටු කරා වෙද්දී දොර ඇරුනා වෙද්දී මන් යන්න හැදුවෙ ඇතුළට .

” කොහෙද ගිහිල්ලා හිටියේ මනුස්සයෝ. මන් හැමතැනම හෙව්වා. දිනුල කිව්ව ඇතුළට ගියයි කියලා . ඒත් ඇතුලෙත් නෑ ඔයා “

මයෙ හාමු මහත්තයගෙ බෙල්ලේ ගෑවෙන්න තියෙන කෙස් ගස් ටික එකට කරලා අල්ලගෙන මගෙ සාක්කුවේ තිබ්බ බූල අරන් යටින් චූටි පොනියක් දැම්මා. ම් දැන් හරි.

” මන් කියන දේ ඇයි කනකට ගන්නැත්තේ “

” මන් කොහේ කියලා යන්නද මෙහෙම තමයි හිටියේ මයෙ හාමු මහත්තයට මාව හොයා ගන්න බැරි වුණාට. දැන් මොකද කියන්නකෝ මාවත් හති දාන් හෙව්වේ කියලා “

” නිකන්. නිකන් අනේ හෙව්වේ. පේන්නවත් හිටියේ නෑ නෙ . යමු අයියලා ඉන්න තැනට “

එයා ආයේ මගෙ පිටිපස්සේ තියෙන කාමර පැත්ත බලලා මාවත් ඇදගෙන එළියට ගියා.

මළගෙදරකදී රෑට සාම්ප්‍රදායික විදිහට හැමෝටම උයලා දුන්නේ වට්ටක්කයි කරෝලයි. මයෙ හාමු මහත්තයා නම් රාහුල්ටයි නුරාදටයි දෙන්නටම බිත්තර ගෙඩි දෙකක් තම්බලා කැව්වා.

” තුති අප්පත්ති මත බද සිදෙනවා ගුදක් “

රෑ හැමෝම නිදා ගන්න හදද්දී පැටියා මයෙ ළගට ඇවිල්ලා කුණු කුණු ගෑවා වෙද්දී නින්ද යාගෙන වගේ ආපු මට ආයේ නැගිට්ට වුණා පැටියගේ සද්දේ නිසා .

” ටොටෝ බරයිද මදෙ පැටියට “

” නා නා අලේ බද සිදෙනවා. තොතෝ බලතද කෝදෝ තමයි නේත තුති අප්පත්ති “

මන් පැටියව හෙමින් සැරේ වඩාගෙන එක්ක ගියෙ මයෙ හාමුගේ කාමරේ තිබ්බ වොෂ් රූම් එකට. පැටියගේ චූටි කලිසම පැත්තකින් තියෙලා කොමඩ් එකේ වාඩි කෙරෙව්වා වෙද්දී පැටියා බඩත් අල්ලන් තටමන්න ගත්තා . දැන් නම් කොල්ලගේ මූණත් රතු වෙලා.

” තොතෝ යන්නැද්ද “

” නා නෙ තුති අප්පත්ති. මත අමාලුයි බද සිදෙනවා නෙ “

කොල්ලා මයෙ ළගට ඇවිල්ලා ආයේ කුණු කුණු ගාද්දී පැටියව සෝදලා එයාවත් එක්ක ගියෙ කුස්සියට. වතුර එකට දෙහි චුට්ටක් දාලා ගම්මිරිස් කුඩුත් දාල තේ කහටත් එක්කහු කරලා පැටියට පොවලා චීස් කැටේකුත් කැව්වා.

” කෝ දැන් මයෙ පැටියා ඇස් පියා ගන්න. ආයේ බඩ රිදෙන්නෑ. චූටි අප්පච්චි බෙහෙතක්‌ දුන්නනේ. බෙහෙත් වලට ඉක්මනට හොද වෙනවා “

කොල්ලා මයෙ අස්සටම ගුලි වෙලා චුට්ට චුට්ට දගල දගල ඉන්නවා. මන් පැටියව තව ටිකක් මගෙ අස්සටම ඇරගෙන ඒ හිස් මුදුනට හාදු තිබ්බා.

” තා තුත්තක් උම්මා දෙන්තකු තුති අප්පත්ති. “

” එතකොට බඩ රිදෙන එක අඩුවෙනවා නේද ම් “

” ඕනේ තුති අප්පත්ති. බද සිදෙන එත තුත්තක් අදුයි තමා දන් “

එයා එහෙම කියද්දී මන් පැටියව ආයේ ආයේ සිප ගත්තා. චූටි පැටියගේ දැගලිල්ල අඩුවෙලා හයියෙන් හුස්ම ගනිද්දී මට තේරුණා පැටියට නින්ද ගිහිල්ලා කියලා.

අද උදේ මයෙ හාමු මහත්තයාගෙ ඉස්කෝලේ ගුරුවරු ටිකයි එයාගේ පන්තියේ ළමයි ටිකයි ආවා වෙද්දී පොඩි බේබී එයාලා හැමෝම සාලේ එහා පැත්තෙන් තියෙන ලොකු කෑම කාමරේට එක්ක ගියා.

නුරාද ඉතින් ලොකු අයියලා අක්කලා ටිකට එයාගේ රාහුල්ව පෙන්නනවා. දෙව්මි නම් පැත්තේ ආවේ නෑ. දෙනුවනුයි නිර්මාලුයි තමයි කෑම මේසේ ලෑස්ති කරේ.

” දරුවෝ කේක් කෑල්ලක් අරන් කන්න “

” කෝ දෙනුවන් පුතා බිස්කට් පැකට් එකක් ගේන්න තව “

හාමු මහත්තයා ඉතින් එයාගේ ළමයින්ට කන්න බොන්න දෙනවා. නුරාදත් මේසෙට ගිහිල්ලා ලොකු කේක් කෑල්ලකුත් අරගෙන රාහුල් එක්කලා මගෙ ළගට ඇවිල්ලා ඉද ගෙන ඒක කකා වට පිට බලනවා. දිනුල මහත්තයා නම් කන්තෝරුවට ගියා වැඩ කරන්න.

” මන්දා ලොකු සර් අපෙ මැණිකේ නම් අවසාන ටිකේ ලෙඩම තමයි. අවසානේ බෙහෙත් මොකවත් ඇගට ඇල්ලුවෙත් නෑ නොවෑ “

” ඒකෙත් හැටි තමයි ඉතින් ලොකු හාමු. දැන් මොනා කරන්න කියලාද ඉතින්. ගිය තැනක හොදින් ඇති දැන් ලොකු මැණිකේ නම්. ලොකු පුතා දැන්ම යන්නෑනෙ නේද “

” නෑ ලොකු සර් මාසයක්ම මෙහෙ ඉන්න ආවේ. දැන් අපෙ පොඩීගේ යාලුවෙකුත් නැවතිලා ඉන්නෙ වලව්වේ. එයාගේ දරුවා එක්ක “

” ආ ඒක හොදයි ලොකු හාමු. වලව්වක පිරිස වැඩි වෙන තරමට තමයි හොදයි. එතකොටත් ලොකු හාමුට තනියක් නෑ නෙ ඉතින් “

ලොකු හාමුයි ලොකු සරුයි පැත්තක ඉදලා කතා කර කර ඉද්දි හාමුයි අනිත් ගුරුවරු ටිකයි වෙන පැත්තක කතා කර කර ඉන්නවා. ඊළගට මන් බැලුවේ ළමයි ටික දිහා වෙද්දී බලපු පමාවට මන් ආයේ වෙන පැත්තක් බැලුවේ කෙල්ලෝ හතර පස් දෙනෙක්ම මයෙ දිහා බලන් මොනාදෝ මුමුණ මුමුණ හිටපු නිසා. ඒත් කොහෙදෝ ඉදලා මෙතෙන්ට කඩාගෙන බිදගෙන ආපු දෙව්මි මගෙ ළගින්ම ඉදගෙන මයෙ ඇගට හේත්තියක් දාන් කේක් කෑල්ලක් කකා අපිට එහායින් ඉන්න කෙල්ලෝ ටික දිහා බලන් ඉද්දි දැන් මේ පැත්ත දිහාම කොල්ලෝ ටිකත් බලන් හිටියා. ඒ එක්කම බන් බැලුවේ දෙව්මි ඇදන් ඉන්න ඇදුම දිහා. ඇති යන්තම් භාග ඇදුමක් නෙවෙයි.

” මන් උඩ ඉදලා බලා ගෙන හිටියේ ඒ කෙල්ලෝ ටික තමුසේ දිහා බලන් ඉන්නවා. උන් දන්නැද්ද ඔයා අපේ චූටි තාත්තිගේ මිනිහා කියලා “

” නෑ නෑ… මල්ලි කියලා හිතන් ඉන්නෙ “

දුඹුරු පාට හමක් වුණත් කොල්ලෙක් දෙපාරක් හැරිලා බලන හුරු බුහුටි ලස්සනක්‌ තමයි දෙව්මිට තිබ්බේ. මනුජ විතරක් නෙවෙයි තව කොල්ලෝ කීප දෙනෙක්ම මේ පැත්තට හොදට ඇහැ දාන් ඉන්නෙ.

” චූටි තාත්තිගෙ බලන්නකෝ අනේ කතාව. පොඩ්ඩක් වත් මේ පැත්ත බලන්නෑ. අර බලන්න අර බලන්න නිර්මාල් අපෙ අයියා කාරයට මොකකට හරි බනිනවද කොහෙදෝ . හොදම වැඩේ ඕකට . “

දෙව්මි මගෙ අතිනුත් ඇදලා කුස්සියේ පැත්තේ මුල්ලකට වෙලා ඉන්න ඒ දෙන්නා පෙන්නුවා. හොද වෙලාවට දෙව්මි හරි මෙතෙන්ට ආවා. නැත්තම් මට කතා කරන්නවත් කවුරුත් නෑ. ටිකක් වෙලා එයත් එක්කලා කතා කර කර හිටපු මන් ආයේ ගියෙ කුස්සියේ පැත්තට. කමනි නැන්දයි තව ගෑණු අය පස් හය දෙනෙකුයි හෝ ගාලා ලොකු ලොකු සාස්පාන් වලට උයනවා.

” ආහා මේ ඉන්තෙ ඔලා. නුලාදට වමේ ගියානෙ ඔලා……. “

” මොකක් කොහෙද ඉන්නෙ නුරාද “

” තෙල්ලම් ගෙදල “

රාහුල් එහෙම කිව්ව විතරයි මන් ගියෙ පැටියා බලන්න එයාලගේ චූටි සෙල්ලම් ගෙදර ඇතුළට. මන් ආවත් හරි පැටියා මලානික මූණෙන් මගෙ දිහා බලලා හිනා වෙලා නැගිටින්න හැදුවත් ඊට කලින් එයාගේ ළගට ගියපු මන් පැටියව වඩා ගෙන පපුවට තුරුල් කර ගත්තා. ඇයි මේ එක පාරටම. එයාගේ ඊයේ රෑ බඩ රිදිලා අද වමනේ ගියා. මොකක් හරි බඩේ අමාරුවක් වගේ මයෙ චූටික්කට

” තූ ති අප්ප ත්ති බෝ”

” චූටි අප්පච්චි ඉක්මනට වතුර දෙන්නම්. යමුකෝ කාමරේට. රාහුල් එන්න “

මන් පැටියවත් වඩා ගෙන කුස්සියේ ළිදෙන්ම මූණ කට හෝදලා කාමරේට එක්ක ගිහිල්ලා වතුර දුන්නා පැටියට.

” රාහුල් මන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා එන්නම්. නුරාදව චුට්ටක් බලා ගන්න හාද “

💥💥💥💥💥💥💥💥

” නෑ නෑ සර් කෑම ලෑස්ති. දැන් කාලාම යන්න. කෝ දරුවෝ ටික “

වටපිට බලපු මන් දැක්කේ එහාට්ට වෙන්න තිබ්බ පුටුවලින් ඉදගෙන කතා කර කර ඉන්න ළමයි ටික. ඒ ළමයි ටිකවත් මන් ආයේ එක්ක ආවේ කෑම කාමරේට දවල්ට කන්න දෙන්න .

” හාමු පැටියට පොඩ්ඩක් සනීප නෑ “

” දැන් ටික්කට ඉස්සෙල්ල හොදට හිටියනේ නිලූෂ දැන් කෝ පැටියා “

නිලූෂ කාමරේ කියද්දිම මයෙ මහත්තයා එක්කම ගියෙ කාමරේට. රාහුල් ඇදේ ඉදගෙන පැටියගේ ඔලුව අත ගානවා නළල ඉඹ ඉඹ. පැටියත් ඔලුව හොදට ඒ ඔක්කෙන් තියාගෙන සනීපෙට නිදි. අපි පැටියව තියාගෙන ඉඹින විදිහටම රාහුලුත් ඒකම කරනවා.

” රාහුල් කෝ බබාව මට දෙන්නකෝ. එයාව ඉස්පිරිතාලේ ගෙනියන්න ඕනී “

” මාත් එන්තත මාමි “

” අතපය හෝදලා ඉක්මනට ඇදුමක් දා ගන්නකෝ “

මන් අප්පච්චිටත් කියලා පැටියවත් ඇරගෙන ගියෙ වාහනේට. නිලූෂගෙ පපුවෙ ඔලුව තියාගෙන මගෙ පැටියා මළානිකව ඉන්නවා. මන් වාහනෙත් පාරට දාලා ගියෙ ඉස්පිරිතාලෙට. නිලූෂ පැටියවත් ඇරගෙන ඩොක්ට ළගට යද්දී මාත් රාහුල්ව අතින් අල්ලන්ම ගියෙ එයාගේ පිටිපස්සෙන්.

” ළමයා මේ දවස් ටිකේම සාමාන්‍ය විදිහට කෑම බීම ගන්නවද “

” ඔව් ඩොක්ට “

” ම්….. අජීරණයක්ම කියන්නත් බෑ. ඒවුනාට කොල්ලගේ බඩේ තමයි අවුල තියෙන්නේ. මේ පැණි එකයි බෙහෙත් ටිකයි පොවලා අඩුවක් නැත්තම් දවස් තුනකින් ආයේ මගෙ ළගට එන්නකෝ ළමයත් ඇරගෙන “

මන් බෙහෙත් පෝලිමෙන් බෙහෙත් ටික ඇරගෙන එනකම් අර දෙන්නට පැටියා එක්ක වාහනේට යන්න කිව්ව.

අපි වලව්වට එද්දි හතරත් පහු වෙලා තිබ්බා. රාහුල්ටයි පැටියටයි යෝගටුත් අරන් දීලා මන් පොඩි පොඩි බඩු වගේකුත් ගත්තා පළතුරුත් එක්ක .

” එයාට නින්ද ගිහිල්ලා හොදට. පව් පැටියා අමාරුවෙන් ඉන්න ඇත්තේ. “

මන් ඇදෙන් බහින ගමන් කාමරේ පිරිසිදු කර කර හිටපු මයෙ නිලූෂ ළගට ගිහිල්ලා එයාව පිටිපස්සෙන් බදා ගෙන ලොකු හුස්මක් පාත දැම්මා.

” බය වෙන්න ඕන් නෑ හාමු. පැටියට ඉක්මනට සනීප වෙයි. බතුත් කවලා බෙහෙත් ටිකත් කොහොම හරි පෙව්වනේ “

” ඔව් සනීප වෙයි පැටියට ඉක්මනට “

රෑ වුණු නිසා ගමේ අයත් ගෙවල් වලට යද්දි අපි ටික දෙනා විතරයි ඉතිරි වුණේ. අම්මා නම් විටෙන් විටේ මතක් වුණා මට. දිනුල පැටියවත් අරන් මහන්සි කියලා කලින්ම නිදා ගන්න ඕනී කියලා කාමරේට යද්දි දෙව්මියි දෙනුවනුයි ගිය එයාලගේ කාමරේට. මයෙ මහත්තයා පැටියා ළග. මායි අප්පච්චියි අයියයි ඉස්සරහ හාන්සි පුටුවල ඉදගෙන ඔහේ හිටියා කරබාගෙන.

” පොඩී…ලොකු…. අම්මත් නැති එකේ උබලා දෙන්නට මෙහෙ ඉන්න පුළුවන්නෙ පිට තැන් වල ඉන්නැතුව ආ. රණ්ඩු අල්ලන්න කවුරුත් ඇත්තෙත් නෑ “

” අප්පච්චි මට එහෙ වැඩනෙ. ඒවා දාලා කොහොමද කියන්නකෝ මෙහෙට එන්නෙ. ඕන්නම් තව අවුරුදු දහයක් විතර යනකොට මට එන්න පුළුවන් වෙයි වලව්වට. අපිටත් කියලා අදායමක් තියෙන්න එපැයි අප්පච්චි “

අයියා එහෙම කිව්වට පස්සේ අප්පච්චි ලොකු හුස්මක්‌ පාත දාලා බැලුවේ මන් දිහා.

” මන් ටිකක් හිතලා බලන්නම් අප්පච්චි “

ඇත්තටම මන් විතරක් නෙවෙයි නිලූෂත් කැමති වෙන්න එපැයි මෙහෙට එන්න. කොච්චර වුණත් එයාව මේ වලව්වෙන් එලවපු විදිහ මතක් වෙද්දී මට ආයේ ආයේ මේ වලව්වට එන්න හිතෙන්නෙ වත් නෑ.

මන් කාමරේට එද්දි මගෙ නිලූෂට යසට නින්ද ගිහිල්ලා. එයාගේ ළගට ගියපු මන් එයාගේ කන්නාඩි දෙකත් ගලවලා ඒ නළලට හාද්දක් තිබ්බා. මහ ලොකු ඇගක් තිබ්බට මොකද මයෙ කොල්ලා තාම විසි එකක පොඩි එකෙක්. ඒ වුණාට මහ මිනිහෙක් වගේ පැටියවයි මාවයි දෙන්නම ළග තියාගෙන අපි එක්කම ඉන්නවා. ගානට කපලා තියෙන රැවුල නිසා මයෙ නිලූෂගෙ මූණ තවත් පෙනුමයි. තඹ පාට කොන්ඩෙත් දැන් ටිකක් වැවිලා. එයා පැටියා ළගම නිදා ගෙන ඉන්න නිසා මන් ආවේ ඇද අයිනට.

” හාමු නැගිටින්න. බත් කන්න යමු “

“…….. “

” අප්පත්තිත ඕම බා අලේ ඉන්නතකො පොද්දක්. මේම කලන්ත “

පැටියා මගෙ පපුවට අත් දෙක තියාගෙන මාව හොලවනවා. නිලූෂ මට කතා කරන්නත් කලින්ම නැගිට්ටා වුණත් මන් නිදි වගේ හිටියේ නිලූෂ පැටියා එක්කම වොෂ් රූම් එකෙන් එළියට එනවා දැකපු නිසා.

” අයියූ මෙලා කම්මලි වෙලා තුති අප්පත්ති. වතුල තිකක් මූණත ගාමු තූ අහ් ආ…. ආ….. අයියූ……. අප්ප ත්ති…….. අලේ…… තූ ති අප්පත්ති “

” මයෙ චන්ඩි පැටියට දැන් හොදයිද ආ චූටි අප්පච්චි එක්ක අප්පච්චිට වතුර ගහන්න හිටියෙ නේද “

කොල්ලා කියවගෙන යද්දි එකපාරටම නැගිට්ට මන් පැටියව ඇදේ පෙරලගෙන මිරික මිරික උම්මා දෙන්න ගත්තා වෙද්දී පැටියා හිනා වෙවී බෙරිහන් දුන්නා

” අප්පච්චි කම්මැලි වෙලා නිදා ගෙන හිටපු නිසයි නේද පැටියෝ අප්පච්චිට වතුර වක් කරන්න හැදුවේ “

” අලේ ඒකනේ තුති අප්පත්ති යෙ “

මාවත් බදා ගෙන පැටියා හිනා වෙවී මහන්සි අරිනවා. චූටි පැටියා දැන් නම් ටිකක් විතර මහත් වෙලා වගේ. ඇදෙන් බිමට බහින්න හදද්දී මන් දැක්කේ ඇද ළග පාපිස්සේ නිදා ගෙන ඉන්න පූසව.

” පැටියට දැන් ටිකක් හොදයි නේද පැටියෝ. මන් උදේන්ම පැටියට බත් කවලා බෙහෙත් ටිකත් පොවලා තමයි නුරාදගේ කිරි එකත් බොන්න දුන්නේ “

මයෙ නිලූෂ හිනා වෙවී එහෙම කියද්දී පැටියවත් වඩා ගෙනම මන් එයාගේ ළගට ගිහිල්ලා ඒ උරහිසෙන් ඔලුව තීයා ගත්තා වෙද්දී එයත් ආපිට පැටියවයි මායි දෙන්නම බදා ගත්තා.

” මූණ කට හෝද ගෙන එන්න ඉතින් බත් කන්න යමු. අද රාහුල් පෙරපාසල් ගියෙත් නෑ යාලුට සනීප නෑ කියලා “

” දිනුල වැඩට ගියාද “

” ම් ගියා “

මූණ කටත් ඉක්මනට හෝද ගෙන ආපු මන් නිලූෂ එක්කම පහළට ගියෙ කන්න.

” අප්පච්චි අප්පච්චි….. අප්පච්චි….”

” මොකදෑ උබ බෙරිහන් දෙන්නේ “

” ග්‍රාම සේවක මහත්තයා ඇවිල්ලා අප්පච්චිව හම්බෙන්න “

මන් ඉස්සරහ ඉස්තෝප්පුවේ දෙනුවන් එක්කලා කතා කර කර ඉද්දි කඩුල්ල ළගින් එනවා දැක්කේ මේ පැත්තේ ග්‍රාම සේවක.

” ලොකු මැණිකෙගේ මරණ සහතිකේ දෙන්නයි ලොකු හාමු ආවේ මන් මේ. පොඩි පුතා දැක්ක කල්. පොඩි ළමයෙකුත් දැන් ඉන්නවයි කිව්ව නේද “

” ඔව් මහත්තයෝ මයෙ පොඩීට කොලු පැටියෙක් ඉන්නවා තමයි. ඕන් ඒකා එයාගේ යාලුවා එක්කලා සෙල්ලම් කර කර ඇති. තාම පෙර පාසල් යන වයසෙනෙ “

මන් වෙනුවට අප්පච්චි තමයි නුරාද ගැන කියන්නේ . මයෙ නිලූෂ නම් දැන් ටිකකට කලින් ගියා වැඩට.

” ගොඩක් පොඩියි එහෙනම් දරුවා. කොහොමද දැන් ලොකු හාමුගේ වතු වැඩත් හොදයිද “

අප්පච්චියි ග්‍රාම සේවකයි කතා කර ඉද්දි
මන් ගියෙ අපෙ කාමරේට. ජනේලේ හරියට යද්දී දෙව්මි පොඩි දෙන්නට පේර ගෙඩි කඩලා දෙනවා.

ඒත් ඒ පැත්ත බලාගෙන ඉද්දි හුළගටද මන්දා ඉබේටම වගේ දොර වැහිලා ගිය සද්දෙන් මන් ගැස්සිලා පිටිපස්ස බැලුවා.
කාමරේ දොරවලුත් ඉතින් විහිළු කරනවනේ තීයා ගෙන

” තාම නිලූෂ පුතා ආවේ නැද්ද විරා “

” නැහැ බන්. ටිකක් රෑ වෙයි කිව්වා “

💥💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලූලා ❤️

බුදුසරණයි හැමෝටම 🙏

අදහස් වෝට් වලට ගොඩාරියක් ඉස්තුතියි 🙏❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්එක්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්එක්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්එක්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්එක්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්එක්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්එක්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 52